by Staff writer 21-01-2019 | 4:17 PM
COLOMBO (News 1st) - මුලතිව්, නැදුන්කනී ප්‍රදේශයේ අද පස්වරු 1.30 ට පමණ සිදුවූ ජීප් රථ අනතුරකින් හමුදා සමාජිකයින් දෙදෙනෙකු මිය ගොස් තිබේ.
අනතුරින් මිය ගොස් ඇත්තේ, හමුදා මේජර්වරයෙකු සහ කෝප්‍රල්වරයෙකි.
හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු මහතා සඳහන් කළේ, අනතුරින් තව ත් 04 දෙනෙකු තුවාල ලැබූ බවයි.
හමුදා ජීප් රථයක් මාර්ගයෙන් ඉවතට පැන ගසක ගැටීමෙන් අනතුර සිදු ව තිබේ.