'සේනා' පාලනය කිරීමට කළ හැක්කේ කුමක් ද?

by Staff writer 21-01-2019 | 8:58 PM

COLOMBO (News 1st) - සේනා දළඹු වසංගතය ඉන්දියාවෙත් ඇතැම් ප්‍රදේශවල ව්‍යාප්තවී තිබුණි.

මේ දළඹුවා මර්දනයට අනුගමනය කළ හැකි ක්‍රියාමාර්ග මොනවා ද? ඒ සම්න්ධයෙන් අප ඉන්දීය කෘෂි විද්‍යාඥයෙකුගෙන් විමසුවෙමු. ඉන්දීය කෘෂි විද්‍යාඥ අමිත් ශේකර්,
ඕනෑම පලිබෝධකයෙක් පාලනය කර ගැනීමට ක්‍රම තුනක් තියනවා. ඒ යාන්ත්‍රිකව, රසායනිකව සහ ජීව විද්‍යාත්මකව. යාන්ත්‍රිකව මෙය පාලනය කිරීමට අවශ්‍ය නම් ඔවුන්ගේ බිත්තර විනාශ කළ යුතුයි. මේ සඳහා පැළයේ කොළයේ යට පැත්තේ දමන මෙම බිත්තර හඳුනාගෙන ඒවා විනාශ කළ යුතුයි. රසායනික ආකාරය සලකා බැලීමේදී ලොව වටා භාවිතා කළ විශාල ක්‍රම සංඛ්‍යාවක් තිබෙනවා. තෙවැනි ආකාරය ජීව විද්‍යාත්මක ක්‍රමවේදයයි. ඕනෑම පලිබෝධකයෙක් සලකා බැලීමේදී ඔවුන්ගේ වර්ධනයවීම වැඩීමෙන් පසු නැවතත් අඩුවෙනවා. මොකද ඕනෑම පලිබෝධකයෙකුට විවිධ විලෝපිකයින් සිටින නිසා. ඉතිං මේ දළඹුවාටත් එවැනි විලෝපිකයින් පරිසර තුළ සිටිනවා ඇති. ඉන්දියාවේ මෙම දළඹුවන්ගේ ව්‍යාප්තවීමේ වේගය අඩුකරන දිලීර වර්ගයක් හඳුනාගෙන තිබෙනවා. මෙවැනි දේවල් රජයන් අතර සාකච්ඡා කර බෙදා හදා ගත හැකියි. මෙම උවදුර මැඩලීමට සියලු දෙනාම එක් ව කටයුතු කළ යුතුයි. සියලු ගොවීන් ද අදාළ තොරතුරුවලින් දැනුවත් පියවර ගත යුතුයි. මෙය කිසිම ලෙසකින් සම්පුර්ණයෙන් ඉවත් කළ නොහැකි නමුත් එය ආර්ථිකමය හානියක් නොවන ලෙස පාලනය කළ හැකියි. මෙයට අවධානය යොමු නොකොලොත් නිකම්ම අවසන් වෙන ප්‍රශ්නයක් නොවෙයි.