සිරියාවේ ඉරාන ඉලක්ක වෙත ඊශ්‍රායාල ගුවන් ප්‍රහාර

සිරියාවේ ඉරාන ඉලක්ක වෙත ඊශ්‍රායාල ගුවන් ප්‍රහාර

by Staff writer 21-01-2019 | 9:28 AM
COLOMBO (News 1st) : සිරියාවේ ඉරාන ඉලක්ක වෙත රැය පුරා ගුවන් ප්‍රහාර එල්ල කළ බව ඊශ්‍රායාල හමුදාව ප්‍රකාශ කළේ ය. සිරියානු මාධ්‍ය වාර්තා කළේ, ඩැමස්කස් ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ඉලක්ක කර ඊශ්‍රායාලයෙන් එල්ල වූ සතුරු මිසයිල 7ක් ගුවනේදී ප්‍රහාර එල්ල කර බිම හෙලූ බවයි. සිරියාවේ,ඉරාන කුද් ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කිරීම අරඹා ඇති බවත් ඊශ්‍රායාල හමුදාව හෝ භූමියට හානි කිරීමට ප්‍රයත්න දැරීමෙන් වළකින ලෙසත් ඊශ්‍රායාලය සිරියානු හමුදාව අනතුරු අඟවා තිබේ. ඊශ්‍රායාලයෙන් එල්ල වූ ගුවන් ප්‍රහාරයක් ඊයේ ද වැළැක්වූ බව සිරියාව ප්‍රකාශ කිරීමෙන් පසු ඊශ්‍රායාලය මෙම මෙහෙයුම ක්‍රියාත්මක කළේ ය. කුද් බලකාය ,ඉරානයේ විප්ලවවාදී ආරක්ෂක බලකායේ විදේශික මෙහෙයුම් භාරව සිටින අතර ඉරානය, සිරියානු ජනාධිපති බෂාර් අල් අසාද්ගේ ප්‍රධාන ආධාරකරුවකු වේ.