විලච්චියේ ඇළකට වැටී දරුවෙකු මියයයි

විලච්චියේ ඇළකට වැටී දරුවෙකු මියයයි

by Staff writer 21-01-2019 | 5:06 PM

COLOMBO (News 1st) - විලච්චිය, යායතුන ගල්කොරිය ප්‍රදේශයේදී ඇළකට වැටීමෙන් අවුරුදු එකයි මාස 03 ක් වයසැති දැරියක් මිය ගොස් තිබේ.

පොලීසිය සඳහන් කළේ, අද පස්වරුවේ නිවස ඉදිරිපිටින් ගලා බසිනා ඇළකට වැටීමෙන් දැරිය මිය ගොස් ඇති බවයි. දැරිය ඇළට වැටී ගසාගෙන යන අවස්ථාවේ අසල්වැසියෙකු විසින් දැරිය බේරා ගෙන ඇත. පසුව රෝහල්ගත කිරීමේදී දැරිය මිය ගොස් ඇතැයි පොලීසිය පැවසුවේ ය.