පාසල් ආශ්‍රීත මත්ද්‍රව්‍ය නිවාරණය උතුරෙන් ඇරඹේ

පාසල් ආශ්‍රීත මත්ද්‍රව්‍ය නිවාරණය උතුරෙන් ඇරඹේ

by Staff writer 21-01-2019 | 7:17 AM
COLOMBO (News 1st) : පාසල් ආශ්‍රීත මත්ද්‍රව්‍ය නිවාරණ ජාතික සතිය අද ආරම්භ වේ. එහි ප්‍රධාන උත්සවය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ,මුලතිව් විද්‍යානන්ද විද්‍යාලයේදී ආරම්භ වීමට නියමිතයි. මත්ද්‍රව්‍ය නිවාරණය පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකායේ අධ්‍යක්ෂ වෛද්‍ය සමන්ත කිතලවආරච්චි මහතා සඳහන් කළේ, එම සතිය තුළ මත්ද්‍රව්‍ය භාවිතයේ ආදීනව සම්බන්ධයෙන්, පාසල් දරුවන් දැනුම්වත් කිරිමට සැලසුම් කර ඇති බවයි. අද සිට ලබන 28 වනදා දක්වා එම සතිය ක්‍රියාත්මකයි.ෙ පාසල් ළමුන් දුම්කොළ ආශ්‍රිත නිෂ්පාදනවලට ඇබ්බැහිවීමේ නැඹුරුතාවක් ඇතැයි ද සමන්ත කිතලවආරච්චි මහතා පැවසී ය.