by Staff writer 21-01-2019 | 5:20 PM
COLOMBO (News 1st) - ගිනිඅවි බලපත්‍ර තාවකාලිකව අහෝසි කිරීමට ආරක්ෂක අමාත්‍යාංශය තීරණය කර තිබේ.
ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා පැවසුවේ, නැවත බලපත්‍ර ලබා ගැනීම සඳහා සියලුම ගිනිඅවි ආරක්ෂක අමාත්‍යාංශයට ඉදිරිපත් කළ යුතු බවයි.
කොළඹ නාලන්දා විද්‍යාලයේ ආදි සිසුවෙකු වන ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා වෙනුවෙන් අද එම විද්‍යාලයේ පැවත්වූ උපහාර උත්සවයක් අමතමින් ලේකම්වරයා මේ අදහස් පළ කළේ ය.
මෙම අවස්ථාවට විද්‍යාලයේ ආදි සිසුවෙකු වන ගුවන් හමුදාපති එයාර් මාෂල් කපිල ජයම්පති මහතා ද එක් ව සිටියේ ය.