ස්වර්ණාභරණ තොගයක් සමග තිදෙනෙකු රේගු භාරයට

ස්වර්ණාභරණ තොගයක් සමග තිදෙනෙකු රේගු භාරයට

by Staff writer 20-01-2019 | 1:42 PM

COLOMBO (News 1st) - නීතිවිරෝධි ලෙස මෙරටට රැගෙන ආ අර්ධ වශයෙන් වැඩ නිම කළ ස්වර්ණාභරණ තොගයක් සමග සැකකරුවන් තිදෙනෙකු කටුනායක ගුවන්තොටුපොළේදී රේගු භාරයට ගෙන තිබේ.

රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා සඳහන් කළේ, ස්වර්ණාභරණ තොගයේ වටිනාකම රුපියල් හතලිස් පන් ලක්ෂ අසූ හත් දහසක් බවයි. එහි බර ග්‍රෑම් 834 ක් වනු ඇත. සැකකරුවන් කුරුණෑගල සහ මහනුවර ප්‍රදේශවල පදිංචි ව්‍යාපාරිකයන් තිදෙනෙකු බව සුනිල් ජයරත්න මහතා පැවසුවේ ය.