ව්‍යාජ අංක තහඩු යෙදූ මෝටර් රථයක් පොලිස් දැලේ

ව්‍යාජ අංක තහඩු යෙදු මෝටර් රථයක් සමග සැකකරුවෙකු පොලිස් දැලේ

by Hashini De Mel 20-01-2019 | 1:31 PM

COLOMBO (News 1st) - පිළියන්දලදී ව්‍යාජ අංක තහඩුවක් සවිකර ධාවනය කරමින් තිබූ මෝටර් රථයක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය සඳහන් කළේ, සැකකරුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී එම අංක තහඩුව වෙනත් මෝටර් රථයක අංකයක් බවට පරීක්ෂණවලදී හෙළිවී ඇති බවයි. සැකකරු එම මෝටර් රථ දෙකෙහිම හිමිකරුවේ. අත්අඩංගුවට ගෙන ඇත්තේ 29 හැවිරිදි අතුරුගිරිය පදිංචිකරුවෙක් ය. සැකකරු කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතවේ.