ජනපති යළි දිවයිනට

පිලිපීන සංචාරය නිම කරමින් ජනපති යළි දිවයිනට

by Staff writer 20-01-2019 | 6:59 AM

COLOMBO (News 1st) - පිලිපීන සංචාරය සාර්ථකව අවසන් කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු පිරිස ඊයේ රාත්‍රියේ දිවයිනට පැමිණියහ.

කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ කාර්යභාර නිලධාරිවරයා සඳහන් කළේ, ඊයේ රාත්‍රි 11.50 ට ජනාධිපතිතුමා ඇතුළු පිරිස දිවයිනට පැමිණි බවයි. පස්දින රාජ්‍ය සංචාරයක් සඳහා ජනාධිපතිතුමා පිලිපීනය බලා පිටත්ව ගියේ පසුගිය 15 වැනි දායි. පිලිපීන ජනාධිපති රොඩ්රීගෝ ඩුටරේට් මහතාගේ ආරාධනයක් මත ජනාධිපතිතුමා පිලිපීනයේ රාජ්‍ය සංචාරයක නිරත විය.