නුවන් ප්‍රදීප්ගේ තැන ගන්නේ කවු ද?

නුවන් ප්‍රදීප්ට ඔස්ට්‍රේලියානු තරගාවලිය අහිමිවෙයි

by Staff writer 20-01-2019 | 1:09 PM

ඔස්ට්‍රේලියාවට එරෙහිව තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතයට නම් කර සිටි වේග පන්දු යවන ක්‍රීඩක නුවන් ප්‍රදීප්ට ආබාධයක් හේතුවෙන් එම තරගාවලිය අහිමි විය.

ඒ, ඔහුගේ වම් පාදයේ ආබාධයකට ලක්වීම හේතුවෙනි. ඔස්ට්‍රේලියානු ක‍්‍රිකට් සභාපතිගේ කණ්ඩායම සමග පැවැති තෙදින පුහුණු ක‍්‍රිකට් තරගයේ පන්දු යවමින් සිටින අතරවාරයේදී ඔහු මෙම ආබාධයට ලක් ව තිබේ. කෙසේ වෙතත් ඔහු වෙනුවට සංචිතයට කැඳවන ක‍්‍රීඩකයා කවුරුන්ද යන්න සම්බන්ධයෙන් මෙතෙක් ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය ප‍්‍රකාශයට පත් කර නොමැත.