දිවයිනපුරා මෙහෙයුමකින් සැකකරුවන් 3808ක් අත්අඩංගුවට

දිවයින පුරා මෙහෙයුමකින් සැකකරුවන් 3808ක් පොලිස් අත්අඩංගුවට

by Staff writer 20-01-2019 | 3:09 PM
COLOMBO (News 1st) : දිවයින පුරා ක්‍රයාත්මක කළ විශේෂ මෙහෙයුමකදී විවිධ අපරාධවලට සම්බන්ධ සැකකරුවන් 3808 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ පොලිස්පතිවරයාගේ උපදෙස් පරිදි ක්‍රියාත්මක කළ මෙම මෙහෙයුමේදී වරෙන්තුකරුවන් 851 දෙනෙකු සහ බීමත් රියැදුරන් 1066 දෙනෙකු අත්අඩංගුවට ගත් බවයි. ඊයේ රාත්‍රි 10 සිට අද අලුයම 2 දක්වා ක්‍රියාත්මක කළ මෙහෙයුමේදී විවිධ අපරාධවලට සම්බන්ධ සැකකරුවන් 823 දෙනෙකු සහ හෙරොයින් ඇතුළු මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් සැකකරුවන් 967 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. නීතිවිරෝධී මත්පැන් විකිණීම සම්බන්ධයෙන් සැකකරුවන් 99 දෙනෙකු සහ ගිනිඅවියක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ ය. ඔහු පැවසුවේ රථ වාහන වැරදි සම්බන්ධයෙන් රියදුරන් 5215 දෙනෙකුට එරෙහිව නඩු පැවරූ බවයි.