ත්‍රිරෝද රථ රියැදුරන්ට හෙට සිට නිල ඇඳුමක්

ත්‍රිරෝද රථ රියැදුරන්ට හෙට සිට නිල ඇඳුමක්

by Staff writer 20-01-2019 | 12:39 PM

COLOMBO (News 1st) - ත්‍රිරෝද රථ රියැදුරන් සඳහා හෙට සිට නිල ඇඳුමක් හඳුන්වා දෙන බව ජාතික මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව පවසයි.

එහි සභාපති වෛද්‍ය සිසිර කෝදාගොඩ මහතා සඳහන් කළේ, ඒ සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් බවයි. කෙසේ වෙතත් මේ වැඩපිළිවෙළට ත්‍රිරෝද රථ රියැදුරන්ගෙන් එල්ල වන්නේ දැඩි විරෝධයකි.