ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

by Staff writer 20-01-2019 | 7:19 AM

දේශීය පුවත්

1. ශ්‍රී ලංකා මහ බැංකුව ලෙස පෙනී සිටිමින් වංචනික විද්‍යුත් තැපැල් පණිවුඩ හුවමාරු කිරීමේ උත්සහයක්: ශ්‍රී ලංකා මහ බැංකුව ලෙස පෙනී සිටිමින් වංචනික විද්‍යුත් තැපැල් පණිවුඩ හුවමාරු කිරීමේ උත්සහයක් පිළිබඳව මහ බැංකුව ජනතාවගේ අවධානය යොමු කර තිබේ. 2. බදු ලැයිස්තුවට තව ත් භාණ්ඩ කිහිපයක් එක්වන ලකුණු: ඉදිරියේදී සියලු ම රස කැවිලිවලට බදු පනවන බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි. 3. වැඩිපුර ගෙවූ මුදල් ගියේ කාගේ සාක්කුවට ද?: ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ඇති ඒ 330 වර්ගයේ ගුවන් යානා 4කට මාසිකව අමෙරිකානු ඩොලර් මිලියන 3කට අධික මුදලක් වැඩිපුර ගෙවීමට සිදු වන බව වාර්තා වේ. 4. කුඩාවැල්ල ධීවර වරායේ වෙඩි තැබීම - සැකකරුවෙකු ගිනිඅවියක් සමග අත්අඩංගුවට: පුද්ගලයින් 04 දෙනෙකුට මරු කැඳවමින් තංගල්ල, කුඩාවැල්ල ධීවර වරායේ පසුගිය මස 25 වන දා සිදු වූ වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවෙකු ගිනිඅවියක් සමග අත්අඩංගුවට ගෙන තිබේ. 5. තුඩැල්ලේදී යතුරු පැදියක් දුම්රියක ගැටීමෙන් දෙදෙනෙකු මරුට: ජා-ඇළ, තුඩැල්ල දුම්රිය හරස් මාර්ගයේදී යතුරු පැදියක් දුම්රියක ගැටීමෙන් කාන්තාවක් සහ කුඩා දැරියක් මිය ගියහ. 6. මත්ද්‍රව්‍ය අභියෝගය ජය ගැනීමට තීන්දු තීරණ රැසකට එළැඹෙන බව ජනපති පිලිපීන පොලිස් මූලස්ථානයේදී කියයි: ශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ජාවාරම මැඩලීමට පිලිපීන රජය සහය පළ කර තිබේ.

විදෙස් පුවත්

7. ට්‍රම්ප් හා උන් අතර මීළඟ හමුව වියට්නාමයේදී පැවැත්වීමේ සූදානමක්: අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ උතුරු කොරියානු නායක කිම් ජොන්ග් උන් අතර මීළඟ හමුව ලබන පෙබරවාරි මස අවසන් සතියේදී පැවැත්වීමට තීරණය වී තිබේ.