ගල්කඩුව ප්‍රදේශයේ වාහන ධාවනය සීමා කෙරේ

ගල්කඩුව ප්‍රදේශයේ පස්වරු 6.00 දක්වා රථවාහන ධාවනය සීමා කෙරේ

by Staff writer 20-01-2019 | 7:30 AM

COLOMBO (News 1st) - පානදුර - රත්නපුර ප්‍රධාන මාර්ගයේ ගල්කඩුව ප්‍රදේශයේ අනාරක්ෂිත ගලක් පුපුරවා හැරීම හේතුවෙන් අද පස්වරු 6.00 දක්වා රථවාහන ධාවනය සීමා කෙරෙන බව පොලීසිය පවසයි.

පොලීසිය සඳහන් කළේ, විකල්ප මාර්ග භාවිත කරන ලෙසයි. ඒ අනුව රථවාහනවලට ඉඩංගොඩ, ඇරැපොල, ඇහැලියගොඩ හරහා කොළඹ මාර්ගයට පිවිසිය හැකි වෙනු ඇත. ඊට අමතරව කුරුගම්මෝදර, මාටුවාගල, ඇහැලියගොඩ සහ ගොරක ඇල, හල්පේ, කුරුවිල හරහා කොළඹ මාර්ගයට ගමන් කළ හැකි බව පොලීසිය පවසයි.