V-Force ක්‍රියාන්විතයේ තව ත් අදියරක් අද කෑගල්ලේදී

V-Force ක්‍රියාන්විතයේ තව ත් අදියරක් අද කෑගල්ලේදී

by Staff writer 19-01-2019 | 6:46 AM

COLOMBO (News 1st) - තරුණ නායකත්වය අභිසෙස් ගන්වමින් රට ගොඩනගන V-Force ක්‍රියාන්විතයේ තව ත් අදියරක් අද උදෑසන ආරම්භවීමට නියමිතයි.

ඒ, කෑගල්ල දැදිගම කිනිවිට කණිෂ්ඨ විද්‍යාලයේදීයි. කෑගල්ල දිස්ත්‍රික්කයේ වරකාපොළ නගරයේ සිට කිලෝමීටර 15 ක දුරක් ගෙවා ගිය විට හමුවන එම විද්‍යාලයේ ඉතිහාසය 1922 වසර දක්වා දිවයන්නකි. එහි අදටත් දරුවන් අකුරු කරන්නේ ආරම්භක අවදියේ ඉදිවූ ගොඩනැගිලිවලයි. පසුගිය දා එහි ගිය V-Force කණ්ඩායමට සොඳුරු ඉගෙනුම් පරිසරයක අකුරු කරන්නට දරුවන්ට ඇති හීනය ගැන අවබෝධ වූ නිසාම මීළඟ V-Force ක්‍රියාන්විතයේ නවාතැන බවට එම විද්‍යාලය පත් කිරීමට අප තීරණය කළෙමු. ඒ අනූව අද උදෑසන එම විද්‍යාලයට ළඟා වන V-Force කණ්ඩායම විද්‍යාලයේ අබලන් වූ ගොඩනැගිලි පිළිසකර කරමින් ඒවායේ තීන්ත ආලේප කිරීමට සූදානම්. මීට මාස කිහිපයකට පෙර සීගිරියෙන් ඇරඹූ V-Force ක්‍රියාන්විතය තරුණ නායකයින් බල මුළු ගන්වමින් මීගමුව කළපුව පවිත්‍ර කිරීමට මෙන්ම කළු ගඟ දෙපස පැළ 4000 ක් රෝපනය කිරීමේ ව්‍යාපෘතියට අප අතිසාර්ථකව මුහුණ දුන්නෙමු.