'සේනා' හැටන් යයි...

'සේනා' හැටන් ප්‍රදේශයටත් ව්‍යාප්ත වෙයි

by Staff writer 19-01-2019 | 12:16 PM

COLOMBO (News 1st) - නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් ප්‍රථම වතාවට සේනා දළඹුවන් හමුවී තිබේ.

අප වාර්තාකරු පැවසුවේ, හැටන්, රුවන්පුර ජනපදයෙන් එලෙස සේනා දළඹුවන් හමුවී ඇති බවයි. හැටන්, රුවන්පුර ගම්මානයේ ජනතාවගේ ප්‍රධාන ජීවනෝපාය මාර්ගය කෘෂිකර්මාන්තය වන අතර ඔවුන් එළවළු, තේ වගාව මෙන් ම අමතරව බඩ ඉරිඟු වගාව සිදු කරනු ඇත. වගා කර තිබු බඩ ඉරිඟු ගස් කිසියම් කෘමියෙකු විසින් විනාශ කරන බවට අදාළ ගම්මානයේ ගොවියෙකුට දර්ශනය වී ඇති අතර ඒ පිළිබඳව සොයා බැලීමේදි අනාවරණවී ඇත්තේ, එම බඩ ඉරිඟු ගස්වල සේනා දළඹුවන් බිත්තර දමා ඇති බවයි. හැටන් රුවන්පුර ප්‍රදේශයෙන් සේනා දළඹුවා හමුවීමත් සමගම සේනා දළඹුවන් එළවළු වගාවට සහ තේ වගාවට ව්‍යාප්තවීමේ අවදානමක් පවතින බව ප්‍රදේශයේ ගොවීන් සඳහන් කළහ. කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ඩබ්ලිව්.එම්.ඩබ්ලිව්. වීරකෝන් මහතා ගොවීන්ට දැනුම් දෙන්නේ, සේනා ව්‍යාප්තිය පාලනය සඳහා බඩ ඉරිඟු අස්වනු නෙලීමෙන් පසු වගාව ගිනි තබා විනාශ කිරීමට පියවර ගන්නා ලෙසයි. කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, මේ වනවිට සේනා දළඹු වසන්තගය අම්පාර, අනුරාධපුර, මොණරාගල ඇතුළු දිස්ත්‍රික්ක කිහිපයකින් වාර්තා වී ඇති බවයි.