'සේනා' මැඩලීමට විශේෂ මෙහෙයුම්..

'සේනා' නිසා කෘෂිකර්ම ව්‍යාපෘති නිලධාරීන්ගේ නිවාඩු අවලංගු කෙරේ

by Staff writer 19-01-2019 | 6:56 AM

COLOMBO (News 1st) - දිස්ත්‍රික්ක රැසක කෘෂි ආහාර බෝග වගාව අධිඅවදානමේ හෙළු සේනා වසංගතයෙන් ගොවි ජනතාව දැඩි පීඩාවට පත් ව සිටි.

මේ අතර ඉදිරි සති දෙක තුළ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ව්‍යාපෘති අංශයේ නිලධාරීන්ගේ ද නිවාඩු අවලංගු කර තිබේ. කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ඩබ්ලිව්. එම්. ඩබ්ලිව්. වීරකෝන් මහතා පැවසුවේ, සේනා දළඹු ව්‍යාප්තිය මර්දන වැඩසටහන හේතුවෙන් අදාළ නිලධාරීන්ගේ නිවාඩු අවලංගු කළ බවයි. බඩ ඉරිඟු හෙක්ටයාර් 45,000 කට පමණ සේනා දළඹු වසංගතය ආසාදනය වී ඇතැයි ද ඔහු පැවසුවේ ය.