සීතල කාලගුණය තවදුරටත්...

සීතල කාලගුණය තවදුරටත්...

by Staff writer 19-01-2019 | 7:13 AM

COLOMBO (News 1st) - පවතින අධික ශීත කාලගුණය ඉදිරි දින කිහිපයේත් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ බුද්ධික බන්දුරත්න මහතා ප්‍රකාශ කළේ, ඉදිරි දිනයේ උදෑසන කාලයේ නුවරඑළිය නගරයට මල් තුහීන පතිතවීමේ හැකියාවක් ඇති බවයි. තව ද ඉදිරි දිනවල වැසි රහිත කාලගුණයක් පැවතීමේ හැකියාවක් ඇති බව ද ඔහු පැවසුවේ ය.