බදු ලැයිස්තුවට තවත් භාණ්ඩ කිහිපයක් එක්වන ලකුණු

බදු ලැයිස්තුවට තවත් භාණ්ඩ කිහිපයක් එක්වන ලකුණු

by Staff writer 19-01-2019 | 10:17 PM
COLOMBO (News 1st) - ඉදිරියේදී සියලු ම රස කැවිලිවලට බදු පනවන බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි. අමාත්‍යවරයා මේ බව පැවසුවේ, ලෝක දියවැඩියා දිනය වෙනුවෙන් සංවිධාන කළ අන්තර් පාසල් තරගාවලියේ ත්‍යාග හා සහතික පත්‍ර ප්‍රදානය කිරීමේ උත්සවයට අද එක්වෙමිනි. උත්සවය පැවැත්වුණේ, නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ රඟහලේදී ය. වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ, ලුණු සහ තෙල්වලටත් ඉදිරියේදී බදු පනවන බව ය.