by Staff writer 19-01-2019 | 1:51 PM
COLOMBO (News 1st) - පානදුර - රත්නපුර ප්‍රධාන මාර්ගයේ ගල්කඩුව ප්‍රදේශයේ අනාරක්ෂිත ගලක් පුපුරවා හැරීම හේතුවෙන් අද දහවල් සිට හෙට පස්වරු 6.00 දක්වා පැය 18 ක කාලයක් රථවාහන ධාවනය සීමා කෙරෙන බව පොලීසිය පවසයි.
පොලීසිය පැවසුවේ, ඒ සඳහා විකල්ප මාර්ග භාවිත කරන ලෙසයි.
ඒ අනුව රථවාහනවලට ඉඩංගොඩ, ඇරැපොල, ඇහැලියගොඩ හරහා කොළඹ මාර්ගයට පිවිසිය හැකි වනු ඇත.
ඊට අමතරව කුරුගම්මෝදර, මාටුවාගල, ඇහැලියගොඩ සහ ගොරක ඇල, හල්පේ, කුරුවිල හරහා කොළඹ මාර්ගයට ගමන් කළ හැකි බව පොලීසිය පවසයි.