දෙදෙනෙකුට මරු කැඳවූ තුඩැල්ලේ දුම්රිය අනතුර

තුඩැල්ලේදී යතුරු පැදියක් දුම්රියක ගැටීමෙන් දෙදෙනෙකු මරුට

by Staff writer 19-01-2019 | 3:35 PM
COLOMBO (News 1st) - ජා-ඇළ, තුඩැල්ල දුම්රිය හරස් මාර්ගයේදී යතුරු පැදියක් දුම්රියක ගැටීමෙන් අද පස්වරුවේ කාන්තාවක් සහ කුඩා දැරියක් මිය ගියහ. පොලීසිය සඳහන් කළේ, අනතුරින් තවත් පුද්ගලයෙකු බරපතළ තුවාල ලැබූ බව ය. අද පස්වරු 2.45ට පමණ සිදු වූ එම අනතුරෙන් බරපතළ තුවාල ලැබූ 3 දෙනා රාගම රෝහලට ඇතුළත් කිරීමෙන් පසු කාන්තාව සහ කුඩා දැරිය මිය ගිය බව පොලීසිය පැවසුවේ ය. මිය ගොස් ඇත්තේ, 08 හැවිරිදි වංචලා සමුදයා සහ 36 හැවිරිදි ඇගේ මවයි. ඔවුන් ජා-ඇළ, දඩුවම පදිංචිකරුවන් ය. යතුරු පැදිය ධාවනය කර ඇත්තේ, මිය ගිය කාන්තාවගේ ඥාති සහෝදරයෙකි. හලාවත සිට කොළඹ බලා ධාවනය වූ මන්දගාමී දුම්රියක යතුරු පැදිය ගැටී ඇති බව දුම්රිය පාලක මැදිරිය පැවසුවේ ය.