ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

by Hashini De Mel 19-01-2019 | 6:34 AM

දේශීය පුවත්

1. සොර ග්‍රහණයට ලක්වූ ත්‍රිකුණාමල චීන වරාය තෙල් ටැංකි: ත්‍රිකුණාමලය චීන වරාය තෙල් ටැංකි සංකීර්ණයේ ටැංකි කිහිපයක් හොරුන්ගේ ග්‍රහණයට ලක් ව ඇතැයි ඛනිජ තෙල් සේවක වෘත්තිය සමිති අනාවරණය කරයි. 2. පුපුරණ ද්‍රව්‍ය තොගය සමග අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් රැඳවුම් නියෝග මත ප්‍රශ්න කිරීම ඇරඹේ: පුත්තලම, වනාතවිල්ලුව ප්‍රදේශයේදී පුපුරණ ද්‍රව්‍ය තොගයක් සමග අත්අඩංගුවට ගත් සිව්දෙනා රඳවා ගැනීමේ නියෝග මත ප්‍රශ්න කරගෙන යන බව පොලීසිය පවසයි. 3. ජාත්‍යන්තර සහල් පර්යේෂණ ආයතනය හා ශ්‍රී ලංකාව අතර 5 අවුරුදු සැලැස්මක්: ජාත්‍යන්තර සහල් පර්යේෂණ ආයතනය හා ශ්‍රී ලංකාව අතර 5 අවුරුදු ක්‍රියාකාරී සැලැස්මකට ඊයේ අත්සන් තැබීය. 4. මහින්ද රාජපක්ෂ විපක්ෂ නායක කාර්යාලයේ රාජකාරී අරඹයි: විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ඊයේ විපක්ෂ නායක කාර්යාලයේ රාජකාරී අරඹයි. 5. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොළඹ නාගරික මන්ත්‍රී කුලතිස්ස ගීගනගේ ඇප මත මුදා හැරේ: රක්ෂිත බන්ධනාගාරගත කර සිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොළඹ නගර සභාවේ නාගරික මන්ත්‍රී කුලතිස්ස ගීගනගේ මහතා රුපියල් 10,000 ක මුදල් ඇප හා රුපියල් ලක්ෂ 2 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

විදෙස් පුවත්

6. පිලිප් කුමරු රිය අනතුරකට ලක් වෙයි: විදෙස් වාර්තා පැවසුවේ, නැගෙනහිර එංගලන්තයේ සැන්ඩ්‍රින්හැම් වතුයාය සමීපයේදී පිලිප් කුමරු රිය අනතුරකට මුහුණ පා ඇති බව ය.