by Staff writer 19-01-2019 | 5:48 PM
COLOMBO (News 1st) - පුද්ගලයින් 04 දෙනෙකුට මරු කැඳවමින් තංගල්ල, කුඩාවැල්ල ධීවර වරායේ පසුගිය මස 25 වන දා සිදු වූ වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවෙකු ගිනිඅවියක් සමග අත්අඩංගුවට ගෙන තිබේ.
පොලීසිය සඳහන් කළේ තංගල්ල, නාකුලුගම ප්‍රදේශයේදී අදාළ සැකකරු අත්අඩංගුවට ගත් බව ය.
පසුගිය මස 25 වන දා සිදු වූ එම වෙඩි තැබීමෙන් තවත් පුද්ගලයින් 8 දෙනෙක් තුවාල ලැබූහ.
යතුරු පැදියකින් පැමිණි තුවක්කුකරුවන් දෙදෙනෙකු මෙම වෙඩි තැබීම සිදු කර ඇති අතර ටී 56 ගිනිඅවියක් සහ පිස්තෝලයක් වෙඩි තැබීම සඳහා උපයෝගී කර ගෙන තිබිණි.