කසල තේ සමග සැකකරුවෙක් පොලිස් දැලේ

කසල තේ තොගයක් සමග සැකකරුවෙක් පොලිස් දැලේ

by Staff writer 19-01-2019 | 12:44 PM

COLOMBO (News 1st) - වෙලම්බඩ, දළුක්කොටුව ප්‍රදේශයේදී පරිභෝජනයට නුසුදුසු කසල තේ තොගයක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් විශේෂ කාර්ය බලකාය පැවසුවේ, ඔහු සන්තකයේ තිබී කසල තේ කිලෝග්‍රෑම් 3847 ක් හා ඒවා ප්‍රවාහනයට යොදා ගත් ලොරි රථයක් ද පොලීසිය භාරයට ගත් බවයි. අත්අඩංගුවට ගත් සැකකරු කසල තේ තොගය හා ලොරි රථය වැඩිදුර විමර්ශන සඳහා වෙලම්බඩ පොලීසිය වෙත භාරදී ඇත.