රාජ්‍ය විශ්වවිද්‍යාල සඳහා නව පාඨමාලා 2ක්

2018/2019 අධ්‍යයන වර්ෂය වෙනුවෙන් රාජ්‍ය විශ්වවිද්‍යාල සඳහා නව පාඨමාලා 2ක්

by Staff writer 18-01-2019 | 7:52 AM
COLOMBO (News 1st) - 2018/2019 අධ්‍යයන වර්ෂය සඳහා රාජ්‍ය විශ්වවිද්‍යාලවලට සිසුන් 31,158 දෙනෙකු බඳවා ගැනීමට නියමිත බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසයි. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ ලේකම් ආචාර්ය ප්‍රියන්ත ප්‍රේමකුමාර මහතා සඳහන් කළේ, එය පසුගිය වසරට සාපේක්ෂව සිසුන් 645ක වැඩි වීමක් බව ය. මේ අතර මෙ වසරේ සිට නව උපාධි පාඨමාලා දෙකක් අලුතින් හඳුන්වා දීමට සැලසුම් කර ඇති බව ආචාර්ය ප්‍රියන්ත ප්‍රේමකුමාර මහතා සඳහන් කළේ ය. ඔහු සඳහන් කළේ, පේරාදෙණිය විශ්වවිද්‍යාලය මගින් ක්‍රියාත්මක කෙරෙන එම උපාධි පාඨමාලා දෙක සමාජ වෘතවේදය සහ භූගෝල තොරතුරු විද්‍යාව නමින් හඳුන්වා දී ඇති බව ය. එම එක් පාඨමාලාවකට සිසුන් 50 බැගින් 2018/ 2019 අධ්‍යයන වර්ෂයේදී සිසුන් 100ක් බඳවා ගන්නා බව ද විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ ලේකම්වරයා සඳහන් කළේ ය.