සිව්දරු මවකට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්

හෙරොයින් ජාවාරම් කළ සිව්දරු මවකට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්

by Staff writer 18-01-2019 | 5:10 PM

COLOMBO (News 1st) - හෙරොයින් ග්‍රෑම් 2 යි මිලිග්‍රෑම් 780 ක් සන්තකයේ තබා ගැනීම හා ජවාරම් කිරීම යන අධිචෝදනා දෙකකට වරදකරු කරනු ලැබූ කාන්තාවකට කොළඹ මහාධිකරණය අද ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කර තිබේ.

ඒ, මහාධිකරණ විනිසුරු ශෂී මහේන්ද්‍රන් මහතා එම නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කරමිනි. 2015 මැයි මස 26 වැනි දා කොළඹ අපරාධ කොට්ඨාසය බොරැල්ල බේස්ලයින් පාර ප්‍රදේශයේදී සැකකාරිය අත්අඩංගුවට ගෙන ඇත. සැකකාරියට එරෙහිව ගොනු කර තිබූ අධිචෝදනා දෙකටම වරදකාරිය බවට පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව නිගමනය කළ අධිකරණය එකී අධිචෝදනා දෙකට වෙන් වෙන්ව ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කළේ ය. එලෙස සිර දඬුවම් නියම වුයේ 54 හැවිරිදි සිව්දරු මවකටයි.