සොර ග්‍රහණයට ලක්වූ ත්‍රිකුණාමල චීන වරාය තෙල් ටැංකි

සොර ග්‍රහණයට ලක්වූ ත්‍රිකුණාමල චීන වරාය තෙල් ටැංකි...

by Staff writer 18-01-2019 | 9:49 PM

COLOMBO (News 1st) - ත්‍රිකුණාමලය චීන වරාය තෙල් ටැංකි සංකීර්ණයේ ටැංකි කිහිපයක් හොරුන්ගේ ග්‍රහණයට ලක් ව ඇතැයි ඛනිජ තෙල් සේවක වෘත්තිය සමිති අනාවරණය කරයි.

ලංකා IOC සමාගම යටතේ පවතින මෙම තෙල් ටැංකි සංකීර්ණයේ ටැංකි 2 ක බඳ කොටස කපා ගෙන ගොස් ඇත. ඊට අමතරව බොහෝ ටැංකිවල සැපයුම් නල හා කපාට ද හොරුන් විසින් රැගෙන ගොස් ඇත. මේ සම්බන්ධයෙන් සැකකරුවන් 10 දෙනෙකු චීන වරාය පොලීසිය මගින් ඉකුත් 12 වැනි දා අත්අඩංගුවට ගෙන තිබේ. ශ්‍රී ලංකාව, ඉන්දීය සමාගම සමග ඇතිකරගත් ගිවිසුමේ ඇති දුර්වලතා නිසා මෙම තෙල් ටැංකි සංකීර්ණය විනාශ වෙමින් ඇතැයි වෘත්තීය සමිති චෝදනා කරයි.