ආදර්ශ ගොවිපොළවල් 25,000 ක් ඇරඹීමට පියවර

වස විසෙන් තොර ආදර්ශ ගොවිපොළවල් 25,000 ක් ඇරඹීමට පියවර

by Staff writer 18-01-2019 | 4:27 PM

COLOMBO (News 1st) - වස විසෙන් තොර ආදර්ශ ගොවිපොළවල් 25,000 ක් රටපුරා ආරම්භ කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.

අමාත්‍යාංශය සඳහන් කළේ, වස විසෙන් තොර දේශීය ආහාර පරිභෝජනය දිරි ගැන්වීම සඳහා ආදර්ශ ගොවිපොළවල් ආරම්භ කෙරෙන බවයි. රැකියා විරහිත ගෘහණියන් ආදර්ශ ගොවිපොළවල් ආරම්භ කිරීම සඳහා දිරි ගැන්වෙන අතර එම පවුල්වල දෛනික ආදායම් ඉහළ නැංවීම මෙහි අරමුණකි.