පිලිප් කුමරු රිය අනතුරකට ලක් වෙයි

පිලිප් කුමරු රිය අනතුරකට ලක් වෙයි

by Staff writer 18-01-2019 | 7:17 AM
(News 1st) - පිලිප් කුමරු රිය අනතුරකට මුහුණ දී තිබේ. විදෙස් වාර්තා පැවසුවේ, නැගෙනහිර එංගලන්තයේ සැන්ඩ්‍රින්හැම් වතුයාය සමීපයේදී ඔහු මෙම අනතුරට මුහුණ පා ඇති බව ය. පිලිප් කුමරු ගමන් ගත් රථය වෙනත් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති අතර අනෙක් රථයේ කාන්තාවන් දෙදෙනෙකු ගමන් කර ඇති බවට තොරතුරු වාර්තා වේ. අනතුරින් 97 හැවිරිදි පිලිප් කුමරුට කිසිදු හානියක් සිදුව නොමැති බව ද බකිංහැම් මාළිගය සඳහන් කළේ ය. රිය අනතුරත් සමග පිලිප් කුමරු කම්පනයට පත්ව ඇති බව ද වාර්තා වේ.