තෙරේසා මේ යළි ඡන්දයකට සැරසෙයි

තෙරේසා මේ යළි ඡන්දයකට සැරසෙයි

by Staff writer 18-01-2019 | 10:05 AM
(News 1st) - විශ්වාසභංග යෝජනාව ජය ගැනීමෙන් පසු බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය තෙරේසා මේ එරට පාර්ලිමේන්තුවේ බ්‍රෙක්සිට් ගිවිසුමට අදාළව යළිත් විවාදයක් සහ ඡන්ද විමසීමක් පැවැත්වීමට සූදානම් වේ. විදෙස් වාර්තා අනාවරණය කළේ, එම ඡන්ද විමසීම එළැඹෙන 29 වන දා පැවැත්වෙන බව ය. පසුගියදා බ්‍රෙක්සිට් ගිවිසුම එරට පාර්ලිමේන්තුවේදී පරාජය වුව ද අග්‍රාමාත්‍යවරිය එය නැවත ක්‍රියාවට නැංවීම මෙමගින් අපේක්ෂා කරනු ඇති. මේ අතර යුරෝපා සංගමය සඳහන් කළේ, බ්‍රෙක්සිට් ගිවිසුමක් හරහා බ්‍රිතාන්‍ය කරන ඉල්ලීම්වල වෙනසක් වන්නේ නම් පමණක් නව බ්‍රෙක්සිට් සාකච්ඡා සඳහා සූදානම් බව ය.