තරුණ නායකත්වයට නිසි තැන දෙන V-Force ක්‍රියාන්විතයේ තවත් අදියරක් හෙට කෑගල්ලේදී

by Staff writer 18-01-2019 | 1:57 PM
COLOMBO (News 1st) - තරුණ නායකත්වයට නිසි තැන දෙන V-Force ක්‍රියාන්විතයේ තවත් අදියරක් හෙට පෙරවරුවේ ආරම්භ වීමට නියමිත ය. V-Force, මීට මාස කිහිපයකට පෙර සීගිරියෙන් ඇරඹුණේ, තරුණ නායකයින් බලගන්වමිනි. මීගමුව මුහන්දිරම් කළපුව පවිත්‍ර කිරීම සහ කළු ගඟ දෙපස පැළ 4000ක් රෝපනය කිරීමේ ව්‍යාපෘති ද ඉන්පසු සාර්ථකව ක්‍රියාත්මක කෙරිණි. හෙට තරුණ නායකයින් රැසක් සමග V-Force ක්‍රියාත්මක වන්නේ, කෑගල්ල දැදිගම කිනිවිට කණිෂ්ඨ විද්‍යාලයේදී ය. වරකාපොළ නගරයේ සිට කිලෝමීටර 15ක් ගිය විට හමුවන මෙම විද්‍යාලයේ ඉතිහාසය 1922 වසර දක්වා දිව යයි. එහි දරුවන් අකුරු කරන්නේ, ආරම්භක අවධියේ ඉදිවූ ගොඩනැගිලිවල ය. පසුගියදා එහි ගිය V-Force කණ්ඩායම එම විදුහල නිරීක්ෂණය කළේ ය. හෙට උදෑසන එම විද්‍යාලයේ අබලන් ගොඩනැගිලි පිළිසකර කරමින් තීන්ත ආලේප කිරීමට කටයුතු යොදා තිබේ. ෙ