by Staff writer 18-01-2019 | 12:21 PM
COLOMBO (News 1st) - ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පිලිපීනයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් හමු විය.
ඒ, මැනිලා නුවරදී ය.
උසස් අධ්‍යාපනය ලබන සිසුන්, වෘත්තිකයින් ඇතුළු විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන ශ්‍රී ලාංකිකයින් පිරිසක් ඊයේ ජනපති හමු විය.
එහිදී ඔවුන් සිය ගැටලු ඉදිරිපත් කළ බවත්, පිලිපීනය සමග ඇති කර ගත් එකඟතා පිළිබඳව ජනාධිපතිතුමා ඔවුන්ට පැහැදිලි කළ බවත් ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් ය.