ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

by Staff writer 18-01-2019 | 6:58 AM
COLOMBO (News 1st)  1. හිටපු විදේශ අමාත්‍ය ලක්ෂ්මන් කදිරගාමර් මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට ජර්මානු පොලීසිය සමත් වී තිබේ 2. අගුණකොළපැලැස්ස බන්ධානාගරය තුළදී බන්ධනාගාර නිලධාරීන් විසින් රැඳවියන් පිරිසකට පහර දුන් බව කියන සිදුවීම පිළිබඳ සොයා බැලීමට පත් කළ කමිටුවට අමතරව රාජ්‍ය පරිපාලන සේවයේ නිලධාරීන් තිදෙනෙකුගෙන් යුත් තවත් කමිටුවක් පත් කිරීමට පියවර ගත් බව විෂය භාර අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය පවසයි. 3. ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් මිලියන 455ක සහන ණයක් ලබා දීමට එකඟ වෙයි. 4. වනාතවිල්ලුව, ලැක්ටෝවත්ත ප්‍රදේශයේදී පුපුරණ ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 100ක් සමග සැකකරුවන් 4 දෙනෙකු ඊයේ පස්වරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගෙන තිබේ. 5. විදුලි බලයෙන් ක්‍රියාත්මක කරන වාහන හැර රජයේ වාහන ඇතුළුව සියලු වාහන සඳහා කාබන් බද්ද ක්‍රියාත්මක බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශය පවසයි. විදෙස් පුවත් 6. බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය තෙරේසා මේ ඇයට එරෙහිව ඉදිරිපත් වූ විශ්වාසභංග යෝජනාව දෙවන වරටත් ජයග්‍රහණය කිරීමට සමත්වූවා ය. ක්‍රීඩා පුවත් 7. ලබන 7 වන දාට පැවැත්වීමට නියමිතව තිබූ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන නිලවරණය ලබන 21 වන දා දක්වා කල් දමා තිබේ.