සෙනා වැනසූ ගොවිබිම් ගැන News 1st අධ්‍යයනය අදත්

සේනා වැනසූ ගොවිබිම් ගැන News 1st අධ්‍යයනය අදත්

by Staff writer 17-01-2019 | 7:26 AM
COLOMBO (News 1st) : සේනා දළඹුවන්ගෙන් හානියට පත් වගා බිම් පිළිබඳ නිව්ස්ෆස්ට් ආරම්භ කළ අධ්‍යයනය අද දෙවැනි දිනටත් ක්‍රියාත්මක වේ. වගාබිම් වෙත ගොස් මේ අධ්‍යයනය සිදු කරන්නේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ද සහය ඇතිවයි. බඩ ඉරිඟු බහුල ලෙස වගා කර ඇති දිස්ත්‍රික්කවල මේ අධ්‍යයනය සිදු කිරීමට නියමිතයි. අප කණ්ඩායම් අදත් අනුරාධපුර, මොනරාගල හා අම්පාර ප්‍රදේශවල වගා බිම් වෙත යාමට සැලසුම් කර තිබේ. මේ අතර සේනා දළඹු වසංගතය හේතුවෙන්, සිදුව ඇති වගා හානි සම්බන්ධයෙන්, සමීක්ෂණයක් ආරම්භ කිරිමට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ. එහි අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය එම්. ඩබ්ලිව්. වීරකෝන් මහතා සඳහන් කළේ, හෙට සිට එම සමීක්ෂණය ආරම්භ කරන බවයි. සමීක්ෂනය සඳහා සියලු ප්‍රදේශ වෙත නිලධාරී කන්ඩායම් යොමු කරන බව ද, ඔහු සඳහන් කළේ ය.