ශ්‍රී ලංකා-අයර්ලන්ත ඒ කණ්ඩායම් අතර තරගය අවසන්

ශ්‍රී ලංකා-අයර්ලන්ත ඒ කණ්ඩායම් අතර තරගය අවසන්

by Staff writer 17-01-2019 | 10:01 AM
COLOMBO (News 1st) : ශ්‍රී ලංකා - අයර්ලන්ත ඒ කණ්ඩායම් අතර දෙවැනි නිල නොවන ටෙස්ට් ක්‍රිකට් තරගය ජය පරාජයෙන් තොරව අවසන් විය. හම්බන්තොට සූරියවැව ක්‍රීඩාංගණයේ පැවැති තරගයේ පළමුවෙන් පන්දුවට පහදුන් අයර්ලන්ත ඒ කණ්ඩායම කඩුලු 8ක් දැවී ලකුණු 508 ක් රැස් කරගෙන සිටියදී ඉනිම අත්හිටුවීය. නීල් රොක් ලකුණු 85ක් රැස් කළේ ය. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ සිය පළමු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා ඒ කණ්ඩායමේ සියලු දෙනා ලකුණු 303කට දැවී ගියේ ය. ඇන්ජලෝ පෙරේරා ලකුණු 127ක් රැස් කළ අතර අශාන් ප්‍රියංජන් ලකුණු 27ක් රැස් කළහ. කැමරන් ඩොව් ලකුණු 99ට කඩුලු 5ක් දවා ගත්තේ ය. ඉනිමක පරාජයෙන් බේරීමට නැවතත් පන්දුවට පහර දෙන ශ්‍රී ලංකා ඒ කණ්ඩායම ඊයේ දිනයට තරගය ආරම්භ කරන විට කඩුලු 4ක් දැවී රැස් කරගෙන සිටි ලකුණු සංඛ්‍යාව 180කි. ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක ද්විත්ව ශතකයක් වාර්තා කළේ ය. චාමික කරුණාරත්න නොදැවී ලකුණු 100ක් රැස් කළේ ය. කඩුලු 7ක් දැවී ලකුණු 468ක් රැස් කරගෙන සිටියදී ශ්‍රී  ලංකා ඒ කණ්ඩායම සිය දෙවැනි ඉනිම අත්හිටුවී ය. ඒ අනුව ලකුණු 264ක ඉලක්කයක් හඹා ගිය අයර්ලන්ත ඒ කණ්ඩායම ඊයේ තරගය නතර කරන විට කඩුලු 3ක් දැවී රැස් කරගෙන සිටි ලකුණු සංඛ්‍යාව 89කි.