ලක්ෂ්මන් කදිරගාමර් ඝාතන සැකකරුවෙකු අත්අඩංගුවට

ලක්ෂ්මන් කදිරගාමර් ඝාතන සැකකරුවෙකු ජර්මනියේදී අත්අඩංගුවට

by Staff writer 17-01-2019 | 9:54 PM
(News 1st) - හිටපු විදේශ අමාත්‍ය ලක්ෂ්මන් කදිරගාමර් මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට ජර්මානු පොලීසිය සමත් වී තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, 39 හැවිරිදි මෙම සැකකරු නිරිතදිග ජර්මනියේදී අත්අඩංගුවට ගෙන ඇති බව ය. ඔහුගේ නිවස ද ජර්මානු පොලීසිය විසින් විශේෂ පරීක්ෂාවකට ලක් කර ඇති බව සඳහන් ය. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, 2005 වසරේදී හිටපු විදේශ අමාත්‍ය ලක්ෂ්මන් කදිරගාමර් මහතා ඝාතනය සහ ඊ.පී.ඩී.පී නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ඩග්ලස් දේවානන්ද මහතා ඝාතනයට තැත් කිරීම සම්බන්ධයෙන් මෙම සැකකරුට එරෙහිව පරීක්ෂණ ක්‍රියාත්මක බව ය. විදෙස් ත්‍රස්ත සංවිධානයක සාමාජිකයෙකු වීම, ඝාතනය කිරීම සහ ඝාතනයට තැත් කිරීම යන චෝදනා ඔහුට එල්ල වී තිබේ.