මේ වසරේදී චන්ද්‍රග්‍රහණ 2ක් සහ සූර්යග්‍රහණ 3ක්

මේ වසරේදී චන්ද්‍රග්‍රහණ 2ක් සහ සූර්යග්‍රහණ 3ක්

by Staff writer 17-01-2019 | 3:43 PM
COLOMBO (News 1st) - මේ වසරේදී චන්ද්‍රග්‍රහණ දෙකක් සහ සූර්යග්‍රහණ තුනක් ලෝකවාසීන්ට දැක ගත හැකි වන බව කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය චන්දන ජයරත්න මහතා පවසයි. නිවේදනයක් නිකුත් කරමින් ඒ මහතා සඳහන් කළේ, මේ මස 21 වන දා සහ ජුලි 16 වන දා චන්ද්‍රග්‍රහණ ඇති වන බව ය. මේ වසරේ පළමු සූර්යග්‍රහණය පසුගිය 06 වන දා ඇති වූ අතර ජුලි 02 වන දා සහ දෙසැම්බර් 26 වන දා ද සූර්යග්‍රහණ ඇති වන බව ඔහු පෙන්වා දෙයි. එහෙත් ලංකාවාසීන්ට ඉන් දැක ගත හැකි වන්නේ, ජුලි 16 වන දා ඇති වන අර්ධ චන්ද්‍රග්‍රහණය සහ දෙසැම්බර් 26 වන දා ඇති වන වලයාකාර සූර්යග්‍රහණය පමණි. දෙසැම්බර් මස ඇති වන ඉතා විරළ වලයාකාර සූර්යග්‍රහණය යාපනය සිට ත්‍රිකුණාමලය දක්වා ප්‍රදේශවලට ඉතා හොඳින් දිස්වන බව ද ඔහු ප්‍රකාශ කළේ ය.