මත්තෙගොඩ - පිටකොටුව පෞ. බස් වර්ජනයක්

මත්තෙගොඩ - පිටකොටුව පෞ. බස් වර්ජනයක්

by Staff writer 17-01-2019 | 10:11 AM
COLOMBO (News 1st) : මාර්ග අංක 138/1 මත්තෙගොඩ - පිටකොටුව පෞද්ගලික බස් රථ සේවකයින් වැඩ වර්ජනයක් ආරම්භ කර තිබේ. ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා සඳහන් කළේ, බස් නැවතුම්පොළ සම්බන්ධයෙන් මතුව ඇති ගැටලුවක් මුල් කර ගනිමින් මෙම වැඩවර්ජනය ආරම්භ කර ඇති බවයි. හෝමාගම ප්‍රාදේශිය සභාව අදාළ බස් නැවතුම්පොළ ඉවත් කිරීමට උත්සාහ කරමින් සිටින බව ඔහු පැවසී ය. ගැටලුවට ස්ථිර විසඳුමක් ලබාදෙන තෙක් වැඩ වර්ජනය ක්‍රියාත්මක බව ගැමුණු විජේරත්න මහතා සඳහන් කළේ ය. ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය, සභාපති ගැමුණු විජේරත්න මත්තෙගොඩ, පිටකොටුව