මග අනතුරු 3කින් සිව් දෙනෙක් මරුට...

මග අනතුරු 3කින් සිව් දෙනෙක් මරුට...

by Staff writer 17-01-2019 | 11:46 AM
COLOMBO (News 1st) : පස්සර - ලුණුගල මාර්ගයේ කොට්ටල්බැද්ද ප්‍රදේශයේදී වෑන් රථයක් ඔයකට පෙරළීමෙන් පුද්ගලයෙකු මියගොස් තවත් 9 දෙනෙකු තුවාල ලබා තිබේ. පොලීසිය සඳහන් කළේ, කළුතර ප්‍රදේශයේ පැවති පොලිස් නිලධාරීන් විසිර යාමේ පෙළපාලියකට සහභාගී වී යළි පැමිණෙමින් සිටි පිරිසක් අද අලුයම එලෙස අනතුරට ලක්ව ඇති බවයි. අනතුරින් මියගොස් ඇත්තේ 48 හැවිරිදි ලුණුගල ජනතාපුර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. තුවාලකරුවන් ලුණුගල හා බදුල්ල රෝහල්වල ඇතුළත් කර තිබේ. මේ අතර හලාවත ,අහංගම හා හුංගම ප්‍රදේශවල සිදුවූ තවත් රිය අනතුරු තුනකින් පුද්ගලයින් තිදෙනෙකු මියගොස් තිබේ. පොලීසිය සඳහන් කළේ, හලාවත බංගදෙණිය ආණමඩුව මාර්ගයේ ගුරුමිතැන්න ප්‍රදේශයේදී බස් රථයක් යතුරු පැදියක ගැටීමෙන් යතුරු පැදියේ ගමන් ගත් 35 හැවිරිදි පුද්ගලයෙකු මියගිය බවයි. ගාල්ල මාතර ප්‍රධාන මාර්ගයේ කන්ද රෝහල ඉදිරිපිටදී යතුරු පැදියක් බවුසරයකට යටවීමෙන් එහි ගමන් ගත් 66 හැවිරිදි කාන්තාවක් මියගොස් තවත් අයෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබේ. තංගල්ල, හුංගම මාර්ගයේ රන්න කහදාව ප්‍රදේශයේදී මොටර් රථයක් බස් රථයක ගැටීමෙන් 35 හැවිරිදි පුද්ගලයෙකු මියගිය බව පොලිසිය සඳහන් කළේ ය.