පුපුරණ ද්‍රව්‍ය තොගයක් සමග සැකකරුවන් 4ක් කොටුවෙති

පුපුරණ ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 100ක් සමග සැකකරුවන් 4ක් අත්අඩංගුවට

by Staff writer 17-01-2019 | 7:48 PM
COLOMBO (News 1st) - වනාතවිල්ලුව, ලැක්ටෝවත්ත ප්‍රදේශයේදී පුපුරණ ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 100ක් සමග සැකකරුවන් 4 දෙනෙකු අද පස්වරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගෙන තිබේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලද තොරතුරක් මත පුත්තලම පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් එක්ව මෙම වැටලීම කර තිබේ. වනාතවිල්ලුව, ලැක්ටෝවත්ත ප්‍රදේශයේ අක්කර 75ක් පමණ විශාල පොල් වත්තක් පරීක්ෂා කිරීමේදී මෙම පුපුරණ ද්‍රව්‍ය තොගය පොලීසිය විසින් සොයා ගනු ලැබී ය. පොලීසිය සඳහන් කළේ, එහි තිබී ඩෙටනේටර් 100ක් ද සොයා ගත් බව ය. පුපුරණ ද්‍රව්‍ය වර්ගය මෙතෙක් හඳුනාගෙන නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුර විමර්ශන පවත්වයි.