කෝටි 6ක කුඩුත් එක්ක සැකකරුවෙක් කඩුවෙලදී කොටු

කෝටි 6ක කුඩුත් එක්ක සැකකරුවෙක් කඩුවෙලදී කොටු

by Sagarika Chathumali 17-01-2019 | 6:59 AM
COLOMBO (News 1st) : රුපියල් කෝටි 6කට අධික වටිනා හෙරොයින් තොගයක් සමග කඩුවෙල, කොතලාවල ප්‍රදේශයේදී සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ඒ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය ඊයේ රාත්‍රි කළ වැටලීමකදී අදාළ සැකකරු සතුව තිබී හෙරොයින් කිලෝ 5කට අධික ප්‍රමාණයක් සොයා ගත් බවයි. 53 හැවිරිදි සැකකරු ත්‍රිරෝද රථයකින් හෙරොයින් තොගය ප්‍රවාහනය කරමින් සිටියදී අත්අඩංගුවට පත්වූ බව පොලීසිය පැවසී ය. ඔහු අද අධිකරණයට ඉදිරිපත් කර රැඳවුම් නියෝග ලබා ගැනීමට නියමිතයි.