කාබන් බද්ද මෙම මස සිට ක්‍රියාත්මකයි

රජයේ වාහන ඇතුළුව සියලු වාහන සඳහා කාබන් බද්ද මෙම මස සිට ක්‍රියාත්මකයි

by Staff writer 17-01-2019 | 4:04 PM
COLOMBO (News 1st) - විදුලි බලයෙන් ක්‍රියාත්මක කරන වාහන හැර රජයේ වාහන ඇතුළුව සියලු වාහන සඳහා කාබන් බද්ද ක්‍රියාත්මක බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශය පවසයි. නිවේදනයක් නිකුත් කරමින් අමාත්‍යංශය සඳහන් කළේ, මෙම මාසයේ සිට අදාළ බද්ද ක්‍රියාත්මක බව ය. රජය සතු වාහන කාබන් බද්දෙන් නිදහස් කර ඇති බවට පළ වන වාර්තාවල කිසිදු සත්‍යතාවක් නොමැති බව ද මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශය අවධාරණය කරයි. සෑම මෝටර් රථයක්ම ලියාපදිංචි කරනු ලබන පළමු වර්ෂයේදී හැර වාර්ෂික ආදායම් බලපත්‍රය අලුත් කරන අවස්ථාවේ මෙම බද්ද අය කෙරනු ඇති.