හිටපු ඇමති බැසිල්ට එරෙහි නඩුව කල්යයි

හිටපු ඇමති බැසිල්ට එරෙහි නඩුව කල්යයි

by Staff writer 16-01-2019 | 6:11 PM
COLOMBO (News 1st) : හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ සහ දිවි නැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් කිත්සිරි රණවක යන මහත්වරුන්ට එරෙහි නඩු විභාගය ලබන මාර්තු මස 28 වන දින දක්වා කල් තැබිණ. අද දින නඩුව කැඳවනු ලැබුවේ, කොළඹ මහාධිකරණ විනිසුරු ධම්මික ගනේපොල මහතා ඉදිරියේයි. පසුගිය ජනාධිපතිවරණ සමයේ දිවි නැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවට අයත් රුපියල් ලක්ෂ 365 ක් වැය කර දේශපාලන කටයුතු සඳහා යොදා ගැනීමේ අරමුණින් ජී. අයි. බට මිලදී ගෙන පළාත් පාලන ආයතන වෙත බෙදා හැරීම සම්බන්ධයෙන් විත්තිකරුවන්ට එරෙහිව අධිචෝදනා ගොනු කර තිබේ. අද දිනයේදී නඩුව කැඳ වූ අවස්ථාවේදී නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් අසාද් නවාවි මහතා විත්ති පාර්ශවයට අවශ්‍ය ලිපි ලේඛන භාරදෙනු ලැබී ය. තවත් ලිපි ලේඛන භාරදීම සඳහා නඩු විභාගය ලබන මාර්තු 28 වන දිනට කල් තැබී ය.