ව්‍යාපාරිකයෙකු පැහැර ගෙන යාමේ තැත වරදී

පොලීසියේ ක්‍රියාත්මක වීමෙන් ව්‍යාපාරිකයෙකු පැහැර ගෙන යාමේ තැත වරදී

by Staff writer 16-01-2019 | 10:50 AM
COLOMBO (News 1st) - අහංගම නගරයේ ව්‍යාපාරිකයෙකු මෝටර් රථයකින් පැහැර ගෙන යමින් සිටි සැකකරුවන් 3 දෙනෙකු දක්ෂිණ අධිවේගී මාර්ගයේ ඉමදූව පොලිස් මුරපොළේ නිලධාරීන් පිරිසක් අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය පැවසුවේ, සැක සහිත මෝටර් රථය අත්අඩංගුවට ගෙන පරීක්ෂා කිරීමේදී අදාළ ව්‍යාපාරිකයා පැහැරගෙන යමින් සිටින බව අනාවරණය වීමෙන් පසුව සැකකරුවන් 3 දෙනා සහ මෝටර් රථය අත්අඩංගුවට ගෙන ව්‍යාපාරිකයා මුදා ගත් බව ය. සැකකරුවන් හංවැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවන් ය. ව්‍යාපාරිකයා පැහැරගෙන යාමට හේතුව මෙතෙක් හෙළි වී නොමැත. සැකකරුවන් සහ මෝටර් රථය වැඩිදුර පරීක්ෂණ සඳහා අහංගම පොලීසියට භාර දී තිබේ.