යතුරු පැදියක් බස් රථයක ගැටීමෙන් දෙදෙනෙකු මරුට

දළුකාවේදී යතුරු පැදියක් බස් රථයක ගැටීමෙන් දෙදෙනෙකු මරුට

by Staff writer 16-01-2019 | 9:45 AM
COLOMBO (News 1st) - අරලගංවිල - පොළොන්නරුව මාර්ගයේ දළුකාව ප්‍රදේශයේදී සිදු වූ රිය අනතුරකින් තරුණයින් දෙදෙනෙකු මිය ගොස් තිබේ. පොලීසිය සඳහන් කළේ, යතුරු පැදියක් බස් රථයක ගැටීමෙන් අනතුර සිදුව ඇති බව ය. අනතුර සිදු වන අවස්ථාවේ යතුරු පැදියේ ගමන් කළ පුද්ගලයින් සංඛ්‍යාව 3කි. ඉන් මිය ගියේ, අවුරුදු 17 සහ අවුරුදු 18 යන වයස්වල පසුවන තරුණයින් දෙදෙනෙකු බව පොලීසිය සඳහන් කළේ ය. අනතුර සම්බන්ධයෙන් බස් රථයේ රියැදුරු අත්අඩංගුවට ගෙන තිබේ.