ගල්කුලමේ ඉන්ධන පිරවුම්හලක ගින්නක්

ගල්කුලමේ ඉන්ධන පිරවුම්හලක ගින්නක්

by Staff writer 16-01-2019 | 4:00 PM
COLOMBO (News 1st) : අනුරාධපුර, ගල්කුලම ඉන්ධන පිරවුම්හලේ ඇති වූ ගින්න මේ වනවිට නිවා දමා තිබේ. තිරප්පනේ පොලීසිය සඳහන් කළේ, ගින්නෙන් ඉන්ධන බවුසරයක් සම්පුර්ණයෙන් ම ගිනිගෙන විනාශ වී ඇති බවයි. ඉන්ධන පිරවුම්හලට ද ගින්නෙන් හානි සිදුව ඇතැයි පොලීසිය පැවසී ය. අද පස්වරු 2.50 ට පමණ හටගත් ගින්න නිවා දැමීම සඳහා අනුරාධපුර ගිනි නිවීම් ඒකකයේ නිලධාරින් , තිරප්පනේ සහ මිහින්තලේ පොලීසිය මෙන්ම ප්‍රදේශවාසීහු ද එක්ව සිටියහ. ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.