කොළඹ වරාය නගරයේ ගොඩකිරීම් අදින් අවසන්

කොළඹ වරාය නගරයේ ගොඩකිරීම් අදින් අවසන්

by Staff writer 16-01-2019 | 6:50 AM
COLOMBO (News 1st) - කොළඹ වරාය නගරය ඉදිකිරීම සඳහා මුහුද ගොඩකිරීම අදින් අවසන් වේ. මහ නගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් නිහාල් රූපසිංහ මහතා සඳහන් කළේ, එය හෙක්ටයාර 269ක භූමියකින් සමන්විත බව ය. වරාය නගරයේ මීළඟ අදියර ලෙස ගොඩනැගිලි සහ අනෙකුත් ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීම ඉදිරියේදී සිදු කරන බව ද ලේකම්වරයා පැවසුවේ ය. කොළඹ වරාය නගරය හෙවත් පෝර්ට් සිටි ව්‍යාපෘතියේ ඉදිකිරීම් චීන ජනාධිපති ෂි ජිංපින්ග් සහ එවකට ශ‍්‍රී ලංකා ජනාධිපතිවරයාව සිටි මහින්ද රාජපක්ෂ යන මහත්වරුන්ගේ ප‍්‍රධානත්වයෙන් 2014 වසරේ සැප්තැම්බර් මස 16 වන දා ආරම්භ කෙරිණි. කොළඹ වරාය නගරය අතිනවීන පහසුකම් රැසකින් සමන්විත වනු ඇති අතර නගරයේ කටුනායක හා සම්බන්ධ කෙරෙන අධිවේගී මාර්ගයක් ද ඉදිකිරීමට නියමිත ය.