රෝමා චිත්‍රපටය වැඩිම සම්මාන සංඛ්‍යාවක් දිනා ගනී

ක්‍රිටික්ස් චොයිස් සම්මාන උළෙලේදී රෝමා චිත්‍රපටය වැඩිම සම්මාන සංඛ්‍යාවක් දිනා ගනී

by Staff writer 16-01-2019 | 10:11 AM
(News 1st) - මෙවර අමෙරිකාවේ ක්‍රිටික්ස් චොයිස් සම්මාන උළෙලේ වැඩිම සම්මාන සංඛ්‍යාවක් දිනා ගැනීමට ඇල්ෆොන්සෝ කුරෝන්ගේ රෝමා චිත්‍රපටය සමත් විය. ඒ හොඳම චිත්‍රපටය, හොඳම විදේශීය භාෂිත චිත්‍රපටය ඇතුළු සම්මාන ගණනාවක් දිනා ගනිමිනි. මෙවර ක්‍රිටික්ස් චොයිස් සම්මාන උළෙල අමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ සැන්ටා මොනිකාහිදී පැවැත්විණි.