ඉකසුචි හම්බන්තොට වරායට සේන්දු වෙයි

ඉකසුචි හම්බන්තොට වරායට සේන්දු වෙයි

by Staff writer 16-01-2019 | 9:38 AM
COLOMBO (News 1st) - ජපාන ස්වයං ආරක්ෂක සාගරිකා බලකායට අයත් ඉකසුචි නමැති නෞකාව හම්බන්තොට වරායට සේන්දු විය. ඒ, තුන්දින සංචාරයක් සඳහා ය. හම්බන්තොට වරායට සේන්දු වූ නෞකාව සහ කාර්ය මණ්ඩලය, ශ්‍රී ලංකා නාවික හමුදාව සම්ප්‍රදායානුකූලව පිළිගත්තේ ය. නෞකාව දිව‍යිනේ රැඳී සිටින කාල සීමාව තුළ එහි නැව්මුළුව, ශ්‍රී ලංකාවේ වැදගත් ස්ථානයන්හි සංචාරය කිරීමට සහ ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සංවිධානය කරනු ලබන වැඩසටහන් කිහිපයකට සහභාගී වීමට ද නියමිත ය.