සේනා දළඹුවා නිසා බඩ ඉරිඟු ලොරියක් අත්අඩංගුවට

සේනා දළඹුවා නිසා බඩ ඉරිඟු ලොරියක් දඹුල්ලේදී අත්අඩංගුවට

by Staff writer 15-01-2019 | 4:02 PM
COLOMBO (News 1st) - අනුරාධපුරයේ සිට නුවරඑළිය බලා ධාවනය වූ බඩ ඉරිඟු ලොරියක් දඹුල්ලේදී පොලිස් භාරයට ගෙන තිබේ. පොලීසිය පැවසුවේ, අනුරාධපුරයේ සිට නුවරඑළිය දක්වා ප්‍රවාහනය කරමින් තිබූ මෙම බඩ ඉරිඟුවල සේනා දළඹුවා සිටි බව ය. මෙම බඩ ඉරිඟු තොගය නුවරඑළිය දිස්ත්‍රික්කයට ප්‍රවාහනය කළා නම් එම ප්‍රදේශයේ වගාවන්ට ද මෙම සේනා දළඹුවා බෝ වීමට හැකි බව පොලීසිය පැවසුවේ ය. ලොරි රථ හිමියා ප්‍රකාශ කළේ, අනුරාධපුර ප්‍රදේශයෙන් ලබා ගත් මෙම බඩ ඉරිඟු තොගය සත්ත්ව ගොවිපොළක ආහාර සඳහා රැගෙන යන බව ය.